ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Android OS එක (Drock OS)



ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත Android OS එක  (Drock OS)


අපි පරිගණකයේ android App ධාවනය කිරීමට Emulator භාවිතා කරමු. හැබැයි මේ android emulator කියන්නේ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මොකද පරිගණකයේ මේ android emulator එක ක්‍රියාත්මක කරන්න පරිගණකය ගොඩක් System Resources භාවිතා කරනවා.
එම නිසා Low End පරිගණක භාවිතා කරන්නන්ට මෙම android emulator භාවිතා කිරීම ඉතා අපහසුයි.


ඉතින් මේකට විසදුම තමයි අඩු මට්ටමේ පරිගණකයක වුනත් android apps පහසුවෙන් run කරන්න පුළුවන් Android OS එකක් පාවිච්චි කරන එක.
Drock os කියන්නේ මේ වගේ android apps දාගන්න පුළුවන් OS එකක්.
ඉතින් මේ drock os එක තමයි ලංකාවේ හදපු පලවෙනි android os එක.
මේ drock os එක Run වෙන්නේ Android 7.1.3  Android Version එක.
ඒ නිසා ගොඩක් android apps මේ drock os එකේ run කරන්න පුළුවන්.


ඒ වගේම මේ drock os එක low end computer එකක උනත් run කරන්න පුලුවන් ඒවගේම windows computer එකකට dual boot mode එකෙන් කිසිම අවුලක් නැතුව මේ drock os එක Install කරන්න පුලුවන්.
ඉතින් මේ dual boot ක්‍රමය කියන්නේ එකම පරිගණකයක os දෙකක් ක්‍රියාත්මක කරන එක.
එම නිසා දැනට පරිගණකයේ ස්ථාපනය කර ඇති windows os වල ගැටළුවක් නොමැත.


ඉතින් android emulator එකක් පාවිච්චි කරනවා නම් පරිගණකයේ ram භාවිතය, cpu භාවිතය, disk භාවිතය ගොඩක් වැඩි වෙනවා.
එමනිසා, android emulator භාවිතා කරන විට, පරිගණකයේ වෙනත් මෘදුකාංග සුමට ලෙස භාවිතා කිරීමට අපහසු වේ.
නමුත් drock os වගේ android os වල මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ.
මොකද මේ os එක තනියම දුවනවා.emulator එකක් දුවන්නේ OS එකක උනත් මේ Drock OS එක Run වෙන්නේ තනියම.
නමුත් ඩ්‍රොක් එක තනියම දුවන නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ.
ඒ නිසා මේ os එක stcuk හෝ lag නොවී පාවිච්චි කරන්න පුළුවන්.


බොහෝ අය මෙම android emulator භාවිතා කරන්නේ පරිගණකයේ android games ධාවනය කිරීමටයි.
ඉතින් මේ drock එක Gaming වලට හදපු OS එකක්.
මේ නිසා drock os එක Games ගහන්න හොදම os එකක්.
මේ drock os එක FreeFire, Pubg වගේ Games වලටත් support කරනවා.
ඒ වගේම මේ os එකේ තව ගොඩක් features තියෙනවා.


ඉතින් Youtube එකේ මේ drock os එක Install කරන හැටි දැනගන්න පුලුවන්.
මේ os එක හදපු tech drock youtube channel එකෙන් මේ os එක Download කරලා Install කරන හැටිත් බලාගන්න පුළුවන්.


Written By : Teco Wadda
Post a Comment (0)
Previous Post Next Post

ads